ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති වයස අවුරුදු 50 ට වැඩි ලෝක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වූ තුෂාරි ජයකොඩි මහත්මිය එහි අධ්‍යක්ෂ මණ්ඩල රූ රැජින (Director's Queen ) ලෙස ජයග්‍රහණය කර 04/28 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙම ලෝක රූ රැජින  තරගාවලිය ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ලෝකයේ රටවල් 37 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 04/21 දින සිට 04/25 දින දක්වා පවත්වා තිබුණි .

මෙම ජයග්‍රහණය සදහා ලෝකයේ රටවල් 37 ක රූ රැජිනියන් අතර විශාල තරගයක් පැවති බවත් , ඔවුන් අතරින් මෙම අධ්‍යක්ෂ මණ්ඩල රූ රැජින ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වීම ශ්‍රී ලංකාව ලද විශාල භාග්‍යයක්  බවත් තුෂාරි ජයකොඩි මහත්මිය කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසුවාය .

ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියෙන් වයස අවුරුදු 50 ට වැඩි කාණ්ඩයේ ශ්‍රී ලංකා රූ රැජින ලෙස ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඇය මෙම තරගාවලිය සදහා සහභාගී වීමට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබුණි .

මෙම ජයග්‍රහණය රැගෙන තුෂාරි ජයකොඩි මහත්මිය මුළින්ම ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ , එතැන් සිට  04/28 දින අලුයම 05.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඇය පිළිගැනීම සදහා ඇයගේ දරු තිදෙනා සහ ශ්‍රී ලංකාවේ මෙම තරග සංවිධානය කළ මණ්ඩලයේ සාමාජිකයෙකු ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

0 comments

Leave a Reply

Post Comment