පසුගිය 14දා මින්නේරිය ගිරිතලේ ප්‍රදේශයේ  නිවසට යාබද නිවසක පැවති අවුරුදු සාජ්ජයකට සහභාගී වී සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් බරපතල තුවාල ලබා දින14ක්  රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ 17 හැවිරිදි පාසල් සිසුවිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ගිරිතලේ ලිපිනයේ පදිංචි ජි.ජි කෝෂලා චමෝද්‍යා බණ්ඩාර නමැති තරුණියයි.

එම අවස්ථාවේදීම නිවැසියන් ඇය හිගුරක්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පොලොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇත.  පසුව ඇය අනුරාධපුර රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇති අතර එහිදී ශල්‍යකර්මයකට භජනය කර නැවතත් පොලොන්නරුව මහ රෝහලට මාරු කර දැඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

0 comments

Leave a Reply

Post Comment