ව්‍යාපාරික ලෝකයේ ඉහළ තනතුරුවල රැඳීසිටිමින් 2017 වර්ෂය තුළ තම බලය තහවුරු කරගන්නට කාන්තා චරිත රැසක් සමත්ව සිටී. මේ අන්තර්ජාතික මාධ්‍ය මගින් ඔවුන් පිළිබඳ තැබූ සටහනකි.
මේරි බර්රා (Mary Barra)
ඇමෙරිකානු ජෙනරල් මෝටර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන මේරි 2014 වර්ෂයේ සිට එම තනතුර දරන්නේ ලොව ප්‍රධාන මෝටර් රථ සමාගමක එම ධුරයට පත් පළමු කාන්තාව ලෙසිණි. ඇය 18 හැවිරිදි වියේදී මෙම සමාගමේ සේවිකාවක ලෙස සේවයට එකතුවී ඇත්තේ 1980 වසරේදීය. විදුලි ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ උපාධිධාරිනියක මෙන්ම ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක්ද ඇය සතුය. 2015 වර්ෂයේ %ෆෝබිස්^ ලැයිස්තුවට අනුව ඇය ලොව බලවත්ම කාන්තාවන් අතර පළමු ස්ථානයේ පසුවූ අතර, 2017 වර්ෂයේද එම ස්ථානයට පත්ව සිටින්නීය.
ඉන්ද්‍රා නූයි (Indra Nooyi)
'පෙප්සි කෝලා' සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ඉන්ද්‍රා කටයුතු කරයි. චෙන්නායිහී දී උපත ලැබූ ඇය ලොව දෙවැනි විශාලතම ආහාර හා පාන නිශ්පාදන ආයතනය වන පෙප්සි සමග එකතු වී ඇත්තේ 1994 වර්ෂයේදීය. 2001 වර්ෂයේ සිට ඇය මෙම තනතුර දරන අතර ඇයගේ පාලනය තුළ පෙප්සි සමාගම වාර්ෂිකව ලැබූ ලාභය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ දැමීමට සමත්ව ඇත
2006 වර්ෂයේ සිටම ලොව බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින ඇය 2015 වසරේ සිට එම ලැයිස්තුවේ දෙවන ස්ථානය හොබවයි.
මරිලින් හෙව්සන් (Marillyn Hewson)
ඇමෙරිකානු අධිතාක්ෂණික, ආරක්ෂක, ගුවන්යානා තාක්ෂණ සම්බන්ධ ප්‍රමුඛපෙලේ ආයතනයක් වන Lockheed Martin සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ඇයයි. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියක වන මැය 1983 වර්ෂයේ සිට මෙම සමාගමේ සේවය කරයි. 2013 වර්ෂයේ සිට මෙම ධුරය දරන ඇය 2010 වර්ෂයේ සිටම ලොව බලවත්ම ව්‍යාපාරික කාන්තාවන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම රැඳීසිටියි.
ඉසබෙල් කෝචර් (Isabelle Kocher)
ප්‍රංශ ජාතික ව්‍යාපාරික කාන්තාවක වන ඉසබෙල් , විදුලි උත්පාදන සමාගමක් වන Engie හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරයි. 1999 වර්ෂයේ සිට 2002 දක්වා ප්‍රංශ අග්‍රාමාත්‍ය කාර්යාලයේ කර්මාන්ත කටයුතු පිළිබඳ උපදේශක තනතුර මෙන්ම ඇය ප්‍රධාන සමාගම් කිහිපයක ප්‍රධාන තනතුරු හොඹවා තිබේ. 2016 වර්ෂයේ සිට ඇය Engie හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන අතර, 2017 වර්ෂයේ 'ෆෝබිස්' ලැයිස්තුවට අනුව ලොව බලවත්ම කාන්තාවන් අතර තුන්වැනි තැනට පත්ව ඇත. ඇය දරුවන් පස්දෙනෙකුගේ මවකි.
එමා වොම්ස්ලේ (Emma Walmsley)
ලෝව ප්‍රමුඛපෙලේ ඖෂධ නිෂ්පාදක සමාගමක් වන GlaxoSmithKline හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස 2017 වර්ෂයේ සිට මැය කටයුතු කරන්නීය. එංගලන්ත ජාතික ඇය වසර 17ක් %LOral^ හි සේවය කිරීමෙන් අනතුරුව 2010 වර්ෂයේ %GlaxoSmithKline^ සමාගම සමග එකතු වී ඇත. ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරිනියක වන ඇය ලොව බලවත්ම ව්‍යාපාරික කාන්තාවන්ගේ ලැයිස්තුවේ ඉදිරියට 2017 වර්ෂයේ පැමිණ සිටියි.
රොසලින්ඩ් බ්රේවර් (Rosalind Brewer)
ඇමෙරිකානු ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් ජාලය වන Wal-Mart හි අනුසමාගමක් වන Sam's Club හි ප්‍රධාන විධායක නිලධාරිනියක් ලෙස රොසලින්ඩ් පත්වන්නේ Wal-Mart ජාලයේ පළමු විධායක නිලධාරිනිය මෙන්ම එම ධුරයට පත් වූ පළමු අප්‍රිකානු සම්භවයක් සහිත ඇමෙරිකානු ජාතිකයා ලෙසටය.
2013 වර්ෂයේ සිට ඇය 'ෆෝබිස්' ලැයිස්තුවේ ලොව බලවත්ම කාන්තාවන් අතර රැඳීසිටින අතර 2013 වර්ෂයේ ලොව බලගතුම සේවයේ යෙදෙන මවුවරුන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම රැදීසිටියාය.
පීබේ නොවැකොවික් (Phebe Novakovic)
ඇමෙරිකානු ව්‍යාපාරික කාන්තාවක වන ඇය හිටපු බුද්ධි නිලධාරිනියකි. ඇය ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 1997 වර්ෂයේ සිට 2001 දක්වා සේවයේ නිරත වී තිබේ.
ගුවන්යානා හා ආරක්ෂක කටයුතු පිළිබඳ සමාගමක් වන %General Dynamics^ හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස වර්තමානයේ ඇය කටයුතු කරයි. 2014 වර්ෂයේ සිට ඇය ලොව බලගතුම කාන්තාවන් අතර රැඳීසිටියි.
ලීසා ඩේවිස් (Lisa Davis)
ඇමෙරිකානු ගෑස් හා බලශක්ති සමාගමක් වන %Siemens Corporation^ හි සභාපතිනිය මෙන්ම ප්‍රධාන විධායක නිලධාරිනිය වන්නේද ඇයයි.
රසායන ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ගෞරව උපාධිධාරිනියක වන ඇය එරට ප්‍රමුඛපෙලේ සමාගම් රැසක ඉහළ තනතුරු දරා ඇත. ඇය ලේඛිකාවක ලෙසද කටයුතු කරන්නීය.
ග්යුයෙන් තයි පොන්ග් තාඕ (Nguyen Thi Phuong Thao)
වියට්නාම් ජාතික ව්‍යාපාරික කාන්තාවක වන ග්යුයෙන් %VietJet^ ගුවන් සමාගමේ සභාපතිනිය මෙන්ම ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරයි. ඇය වියට්නාමයේ ප්‍රථම බිලියනපතිනිය ලෙසද ඉතිහාසගතව සිටියි. ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් ලෙස 2017 මාර්තු මාසයේ වාර්තා විය.
ආසියාවේ බලගතුම ව්‍යාපාරික කාන්තාවන් අතර මෙන්ම ලෝකයේ බලගතුම ව්‍යාපාරික කාන්තාවන් අතරද ඉදිරියෙන්ම ඇයගේ නම සටහන් වී ඇත.
ගුලර් සබන්සි (Guler Sabanci)
තුර්කියේ දෙවන විශාලතම කාර්මික හා මූල්‍ය සමාගමක් ලෙස සැලකෙන %Sabancı Holding^ හි අධ්‍යක්ෂිකාවක ලෙස ඇය කටයුතු කරයි.
දෙමවුපියන්ගෙන් උරුම වූ මෙම ව්‍යාපාරයේ පරිපාලන කටයුතු ඇය විසින් දරන අතර, 2014 වර්ෂයේ සිට ලොව බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුවේ රැඳීසිටියි.
ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියක වන ඇය 2013 වර්ෂයේ ලොව බලවත්ම ව්‍යාපාරික කාන්තාවන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැඳීසිටියාය.