උඩරට දුම්රිය මාර්ගයේ විශ්මිත නිර්මාණයක් වන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනූ පුරාවිද්‍යා ස්මාරකයක් වන ඇල්ල ආරුක්කු නමය පාලමේ ජලකාන්දුවක් සිදුවෙමින් පවතී.
අධික වැසි දිනයන්හි ආරුක්කුව දිගේ ඇතුළට ජලය කාන්දුවන බව පාලමේ ස්වේඡා ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන ඩබ්ලිව්.එම්. සුමනසේන මහතා පැවසීය.
මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලම් භාරව කටයුතු කරන ප්‍රාදේශීය නිලධාරියෙකු ගෙන් විමසූ විට ඔහු පැවසුවේ අදාළ කාරණය වාර්තාවී ඇති අතර එම ස්ථානයේ පරික්ෂාව ආරම්භ කර ඇති බවයි.
නයින්ආච් හෙවත් ආරුක්කු නවය පාලම 1921 වසරේ වැඩ අවසන් කර ඇති බව දුම්රිය වාර්තාවන්හි සඳහන්වෙයි.
ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර ගොටුවල ප්‍රදේශයේ ඉදිකරන ලද මෙම පාලමේ දිග අඩි 300 කි. පළල අඩි 25 කි. උස අඩි 80 කි.
පාලමේ වේයන් සැරසරන අතර වේයන්ගේ ගමන්මග බැලූබැල්මට පැල්මක් මෙන් පෙනෙන නමුත් එය පැල්මක් නොවන බව තහවුරු වී තිබේ.
කෙසේ නමුත් පාලමේ ඇතැම් ආරුක්කුවල පාදම කොටසේ ස්ථාන කිපයක බදාම ගැවී ඇති අයුරුද දක්නට ලැබේ.
මේ පාලම ආශ්‍රිතව ලොවපුර ජනප්‍රිය වූ විදේශීය ච්ත්‍රපට කීපයක්ම නිර්මාණය වී තිබේ.
පාලිත ආරියවංශ






