ජීවිත 50ක් රැක්ක ලංගම රියදුරු
කොළඹ බලා දිවෙන මගී බස් රථයක් අද (30දා) හපුතලේ බෙරගල අතර මාර්ගයේදී තිරිංග ක්රියාවිරහිත වීමත් සමග ප්රපාතයට ඇදී යද්දී බස් රථය මාර්ගය අයිනේ ඇති ජලය බැස්සවීම වෙනුවෙන් සකස් කළ කොන්ක්රීට් කාණුවකට අල්ලා නතර කර පනහකට අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට එහි රියදුරු සමත්වූ බව පොලීසිය කියයි.
මෙසේ ජීවිත බේරාගෙන ඇත්තේ බදුල්ල ඩිපෝවට අයත් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකය.
මෙම බස් රථය හපුතලේ බෙරගල දැඩි බෑවුම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්රියාවිරහිත වී ඇති බවත් බස් රථය වේගයෙන් පහළට ඇදී යද්දී දකුණු පස කාණුවක් හරහා වේලකට අල්ලා නතර කර ගත් බවත් බස් රථයේ රියදුරු ගේ දස්කමින් සිය ජීවිත බේරා ගැනීමට හැකිවූ බවත් එම බස් රථයේ සිටි මගීහු පැවසූහ.
හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර



popular news
-
Demuni Uduwara Monday, 30 January 2023 11:26 PM
His name should be revealed here !
Reply : 0 1
Vihansa Wednesday, 01 February 2023 06:04 AM
Langama pissa
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

