ජවිපෙ - මහින්ද හමුව පැවැත්වෙයි
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජතයන් හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව අද (06දා) පැවැත්විණි.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක අනුර කුමාර දිසානායක, මන්ත්‍රීවරුන් වන විජිත හේරත් හා සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරු එක්වූහ.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හා එම සාකච්ඡාවට මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම එක්වූහ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අද (06දා) ජනතා විමුක්ති පෙරමුණ හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවිය.
20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මාස 06ක් ගතවී තිබෙන බවත්, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව පක්ෂ නායකයන්ට ඕනෑම මොහොතක පාර්ලිමේන්තු විවාදය සඳහා ගත හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මේ නිසා පාර්ලිමේන්තුව තුළ මෙය සිරනොකර ඉදිරි කටයුතු සිදුකිරීමට අද (06දා) විපක්ෂනායකවරයා සමග සාකච්ඡා කළ බවද හෙතෙම පවසා සිටියේය.
විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමයකට වඩා පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමය අප රටට ගැළපෙන බවට විශ්වාස කරන බවද මෙම සාකච්ඡාවෙන් පසු ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
කොළඹ 07 පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී මෙම සාකච්ඡාව සිදුවිය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවක් තිබුණද, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග විධායක ජනාධිපති ක්‍රමය බැඳී තිබෙන බැවින් ඒ පිළිබඳ සැලකිල්ලට භාජනය කළ යුතු බවට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අදාළ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.
එබැවින් තමන් වටා සිටින පක්ෂ සමග සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයන්ට පවසා ඇත.



ඡායාරූප ඉසුරු පෙරේරා











popular news
-
Champa Wednesday, 06 March 2019 11:16 PM
ඊළඟ චන්දෙදි මිනිස්සු ගන්න ඕනේ තීරණේ මොකක්ද කියන එක ජනතාවට වේලාසනම පෙන්නන්න එක හොඳයි. බලය ගන්න යූඑන්පී ශ්‍රී ලංකා පොහොට්ටු ජේවීපී ඔක්කොම ඉන්නේ එකම බෝට්ටුවේ. ජනතාව දැන් ඉන්න ඕනේ ස්වාධීනව. මිනිස්සු ගෙදර් යවන්න ඉන්න ද්‍රෝහියෝ ඔක්කොම දැන් දැන් මහින්දගේ වටේ ඉන්නවා. අන්තිම මොකක් වෙයිද? මම හිතන්නේ ද්‍රෝහියෝ ඉතුරු වෙලා වීරයෝ ගෙදර යයි කියලා. දැන් මෙතනම 5%ක් 10% චන්ද කැඩෙනවා. TNA එක එක්ක කතා කලහම තව 10%ක් චන්ද කැඩෙනවා. පොහොට්ටුවම කියනවනේ ඒ ගොල්ලන්ට තියෙන්නේ 40% යි කියලා. දැනටම චන්ද 20% කැඩෙනවා. ඔක්තෝබර් බල පෙරලියේදී පොහොට්ටුව කොච්චර දැඟලුවත් මහා මැතිවරණයක් ඕනේ කියලා, කොච්චර පෙත්සම් අත්සන් කලත්, චන්දයක් ඉල්ලලා කොච්චර පෙළපාලි ගියත් ඒකට එකතු වුනේ 1%ක් හෝ ඊටත් අඩු ජනතාවක් විතරයි. අනිත් 99%ම නිශ්ශබ්දව හිටිය. අන්තිම සාර්ථකයි කියලා හිතපු බල පෙරලියක් ජනතාව වෙනස් කලේ නිහඬව. හිතපු විදිහට වැඩ සිද්ද වුනේ නැත්තේ ජනතා සහයෝගයක් නොලැබුණු නිසා. කාලයක් තිස්සේ කියපු එක නැවත කියනවා. ඊළඟ ජනාධිපති පත් වෙන්නේ පොහොට්ටුවෙන් නෙමෙයි. මහා මැතිවරණය ගැන දැන්ම කියන්නේ නැහැ. නොහිතන දේවල් වුනත් වෙන්න පුළුවන්.
Reply : 0 0
Deepl Nirosh Thursday, 07 March 2019 04:28 PM
සාකච්ඡාවේ ගත් අවසන් ස්ථාවරය නම් නිවැරදියි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් ඊට සමගාමීව ඒ හා බැඳී පවතින 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු සියළු සංශෝධන අවලංගු කළ හෝ ප්‍රතිශෝධනය කළ හෝ යුතුමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

