සහෝදර ක්‍රීඩකයන්ගේ කර මතින් බන්දුල වර්ණපුර අවසන් ගමන් යයි
ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (19) පස්වරුවේ සිදුකෙරිණි.
වර්ණපුර මහතාගේ අවමංගල උත්සවයට ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක අර්ජුන රණතුංග මහතා ප්රමුඛ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, රොෂාන් මහානාම, රෝයි ඩයස්, නිශාන්ත රණතුංග, ෆර්විස් මහරුෆ්, තිළිණ තුෂාර මිරැන්ඩෝ, අශෝක ද සිල්වා, ධම්මික රණතුංග, උපුල් තරංග, නුවන් කුලසේකර, තරංග පරණවිතාන සහ චාමර කපුගෙදර යන හිටපු ක්‍රීඩකයෝ සිය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් සඟයාගේ දේහය කරමත තබාගෙන අවසන් කටයුතු සඳහා රැගෙන ගියහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ








popular news
-
Lakshman Saturday, 23 October 2021 01:45 AM
ඔබ සහභාගි වුන සිහිනයකිි රෑ වැඩසටහන නැරබුවා.කොතරම් නිහතමානී කෙනෙක් ද.මුල සිට අග දක්වා සියලුම දෙනා සිහිකලා.ඔබට නිවන් සුව ලැබේවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
