ඇමෙරිකානු ජාතිකයන් 07දෙනෙක් බුදු දහම වැලඳ ගනිති
ඇමෙරිකානු ජාතිකයින් 07 දෙනෙකු පන්සිල් සමාදන්වී බෞද්ධාගම වැලඳ ගැනීම ඊයේ(20දා) ට යෙදුණු දුරුතු පුරපසොළොස්වක පොහෝ දිනයේදී පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම විහාරයේදී සිදුවිය.
ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායකඇමෙරිකාවේ බ්ලූ ලෝටස් විහාරාධිපති පූජ්‍ය පේරාදෙණියේ සිරි සුජාත හිමියන්ගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් බෞද්ධාගම පිළිබඳ පැහැදුනු මෙම ඇමෙරිකානු ජාතිකයන් පිරිස සිරි සුජාත හිමියන්ගේ මාර්ගෝපදේශයෙන් මෙරටට පැමිණ තිබේ.
මෙම පිරිස පංචශීලයේ පිහිටුවීම පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම විහාරාධිපති ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වත්තේගම ශ්‍රී ධම්මාවාස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
බෞද්ධාගම වැලඳගත් මෙම පිරිස සිය ඇමෙරිකානු නාමයන් වෙනුවට බෞද්ධ නාමයන් ලබාගැනීමට මෙහිදී සිදුකෙරිණි.
මෙලෙස බෞද්ධයන් බවට පත්වූයේ Barry Shaffer, JeannineOulette, Michael Kramer, Tyler Lewke, Zoe Winter, Patricia Miller, Dan oliverio යන ඇමෙරිකානු ජාතිකයන් පිරිසයි.







popular news
-
Champa Monday, 21 January 2019 01:07 PM
බුදු දහම සනාතන දහමක්. බුදු හාමුදුරුවන්ගේ ඉගැන්වීම් වල තියෙන්නේ මනුෂ්‍යත්වය මුල් කොට ගත්ත දර්ශනවාදී චින්තනයක්. මේ හාමුදුරුවරු විදේශ රටවලට ගිහින් ධර්මය ප්‍රචාරය කිරීම හුඟක් අගය කොට සලකනවා.
Reply : 0 22
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

