ADA
www.ada.lk
2026 ජනවාරි මස 14 වන බදාදා
කල්පිටිය සේතවාඩිය පිහිටි සංචාරක නිකේතනයක්,ඊයේ (27දා) රාත්රී දහයයි තිහට පමණ, හදිසි ගින්නකින් දවි ගිය බව කල්පිටිය පොලිසිය පවසයි.
මෙම සංචාරක නිකේතනය ලෑලි සහ පොල් අතු වලින් නිමවා තිබුණු බවත්, සංචාරකයෙකුගේ දුම් වැටියක් පොල් අතු මතට වැටීමෙන් ගින්න ඇතිවන්නට ඇතැ යි පොලිසිය සැක කරණ බවත් කල්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උව් ගමගේ මහතා කියයි.
ගින්න ඇතිවන අවස්ථාවේ,සංචාරකයෝ හතලික් පමණ ලැගුම් ගෙන සිටි බවත්,ඔවුන් කිසිවෙකුටත් ගින්නෙන් හානි සිදු වී නැතැ යිද පොලිසිය පවසයි.
ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැත.
popular news
ලොකෙටම හදපු රෝල්ස් රොයිස් 25න් එකක් ලංකවේ ඩඩ්ලිට
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
දුම්රියේ ගැටුණු ලොරි රථය කෑලි වෙයි,රියදුරු ලොරියෙන් පැන දිවි බේරා ගනියි
දැවැන්ත විදේශ රැකියා වංචාවක්
මේක සත්යග්රහයක් මිස උපවාසයක් නෙමෙයි
මුන්දලම මාරක රිය අනතුරකින් තිදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd