වතුකරයේ තෛපොංගල් සැමරුම්
හින්දු භක්තිකයන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛපොංගල් උත්සවය අද(14දා) වන දිනට යෙදි තිබු අතර එම තෛපොංගල් උත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව සැමරිමට වතුකරයේ හා හැටන් ප්‍රදේශයේ හින්දු ජනතාව කටයුතු කරන ලදි.
වෙනත් වර්ෂවල උත්සවශ්‍රියෙන් මෙම තෛපොංගල් උත්සවය සැමරිමට හින්දු භක්තිකයින් පියවර ගත්තද මේ වන විට රට තුල පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවරද තෛපොංගල් උත්සවය සිමිත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් සැමරිම සිදු කරන ලදි.
තෛපොංගල් දින ආගමික උත්සවයේ වතුකරයේ ප්‍රධාන ආගමික පුජාව හැටන් ශ්‍රි මාණික්‍ය පිල්ලයාර් හින්දු කෝවිලේදි එම කෝවිලේ ප්‍රධාන කුරුක්කල් බ්‍රහ්ම ශ්‍රි චන්ද්‍ර නන්ද කුරුක්කල්ගේ ප්‍රධානත්වයෙන් නිරෝධායන මාර්ග උපදෙස් වලට අනුකුලව පැවැත්විණි.
එම කොවිලේදි සියළුම ධාන්‍ය වර්ගවලින් සමන්විත විශේෂ කිරි බතක් පිලියෙල කර එම කිරි බත සුර්යය රාජයාට පුජා කිරිමෙන් අනතුරුවයි තෛපොංගල් දින ප්‍රධාන ආගමික උත්සවය පැවැත් වුණේ.
හින්දු ජනතාව නව වසරක උදාව තෛපොංගල් වශයෙන් හදුන්වනු ලබනවා.
චන්ද්‍ර සෙල්ලහේවා / රංජිත් රාජපක්ෂ






popular news
-
Kumar Friday, 14 January 2022 04:40 PM
Hiru deviyek nowana bawa ugath siyaludenama dannadeyak neda. ekath hariyata polowayata apayak thibenawa kiyan ekawageyi. ehema deyak thibenawanam oya deshapaluwo wadidenk ekat watenawa. dan apaye kalamanakaranaya barawa inne prabakaran wenna athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

