මුල්ලිවයික්කාල් සැමරුම පැවැත්වෙයි - දේශපාලඥයන් නෑ
මීට වසර 09කට පෙර පැවැති යුද්ධයේදී මිය ගිය මහවිරුවන් හා සාමාන්‍ය වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර පිහිටි සැමරුම් ස්මාරකය අසලදී අද (18දා) සැමරුමක් පවත්වා තිබේ.
මෙය අද උතුරු මහ ඇමති සී.වී.විග්නේස්වරන් මහතාගේ මෙන්ම සාමාන්‍ය වැසියන් 5000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
පසුගිය වසරේදී (2017) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සෙසු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවත්වුණද මෙවර කිසිදු දේශපාලන නායකයෙකු ප්‍රධාන නොකළ අතර, උතුරු මහඇමති ප්‍රධාන වූවේද දේශපාලන නායකයෙකු වශයෙන් නොව උතුරු පළාත් සභාවේ සංවිධානත්වයෙන් මෙය සිදු වූ නිසාවෙනි.
මෙහිදී උත්සව අවස්ථාවට සහභාගි වූ සියලුම දෙනා අවසන් යුද්ධයේදී මිය ගිය අය වෙනුවෙන් විනාඩි 03ක නිශ්ශබ්දතාවයක් පවත්වා, මල් පූජා කොට, භූමියට රැස්ව සිටි සියලු දෙනා පහන් දල්වා, මිය ගිය අයට සෙත් ශාන්ති පැමිණවීම සිදු කළේය.
මෙහිදී උත්සව අවස්ථාවට සහභාගි වූ උතුරු මහඇමතිවරයා විසින් රැස්ව සිටි පිරිස් ඇමතූ අතර, හෙතෙම මිය ගිය වැසියන් වෙනුවෙන් ශෝක පණිවිඩය ප්‍රකාශයට පත් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.











