ADA
www.ada.lk
2025 අගෝස්තු මස 10 වන ඉරිදා
මේ දිනවල පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය නිසාවෙන් කලා බළලු වැවේ ජලය විශාල වශයෙන්ම සිඳී ගොස් තිබේ ,සිදී ගිය වැව් තාවුල්ලේ සරුසාරව බෙරු තණ වැඩීමත් සමඟ අලි ඇතුන් තුන් සියයකට අධික පිරිසක් මේ දිනවල කලා බළලු වැවේ තෘණ උලා කෑම දැකගැනීමට හැකි වී තිබේ.
උදෑසන දහයට පමණ ස්ථාන කිහිපයකින් කලා බලලු වැවට ඇතුළුවන ලොකු කුඩා මහලු වන අලින් සහ ඇතුන් දවස පුරා වැව් පිට්ටනියේ ඇවිදිමින් තම පාදයෙන් බෙරු තන ගලවාගෙන වැලි ඉවත් කොට ආහාරයට ගනී , සවස් වන විට මෙම කණ්ඩායම් කලා බලලු වැවේ වතුර බීපු නැවතත් ස්ථාන මාරු කර ගනිමින් ආහාර ගැනීම සිදුකරති.
මෙම අලි ඇතුන් වැව් පිටියේ ඉතා සතුටින් සිටින දසුන් ද දැකගැනීමට හැකිය
බෝව තැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේ මේ දිනවලින් කලා වැවේ බළලු වැවේ මෙන්ම කණ්ඩලම ජලාශය ද ජලය සීඝ්රයෙන් අඩුවෙමින් පවතින බවය.
වැව් තාවුල්ලේ බොහෝ දුරට සෑම වසරකම වන අලින් විශාල වශයෙන්ම පැමිණෙන බවත් අනීතිකව වැව්තාවුල්ල භාවිතා කිරීම අනවසරයෙන් වැව්තාවුල්ලේ රැඳී සිටීම සඳහා කිසිදු අවසරයක් නොමැති බවත් ඉතා අනාරක්ෂිතව වන අලින් ඇතුන් නැරඹීම සඳහා වැව්තාවුල්ලට නොඑන ලෙසද ජනතාවගෙන් ඒ මහතා ඉල්ලීමක්ද කරන්නට විය.
වන අලින් බැලීම සඳහා අවශ්‍ය නම් වහාම වනජීවී නිලධාරින් හමුවී වනජීවී නිලධාරීන් සහ මග පෙන්වන්නන් සමඟ පමණක් වැව් තාඋල්ලට ඇතුළු වීමට අවසර ලබා දී ඇතැයිද හෙතෙම සඳහන් කළේය, එසේ නොවන්නට මෙම වන අලින් ඇතුන් නැරඹීම සඳහා පෞද්ගලික වාහනවලින් පයින් හෝ ගමන් නොකරන්නැයි ඉල්ලීමක්ද කළේය.
popular news
තෙල් සංස්ථාවේ බස් එකක 50ක් අරන් යනවා මහරගම උද්ඝෝෂණයට ගහන්න
වෛද්‍ය මහේෂිගේ දියණියත් සමග සමථයකට නොඑන බව අල්ලස් කොමිෂම කියයි
බදුලුගම්මන සුමනසාර හිමි මල්වතු පාර්ශ්වයෙන් නෙරපයි
චිචීගේ රොකට් එකට රජයෙන් කිසිම ආයෝජනයක් කර නෑ
දයාසිරිගේ චෝදනාවට ආණ්ඩුවෙන් පිළිතුරු
දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනා සම්මතය වැඩි ඡන්දයෙන් සම්මතයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd