මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
මහනුවර නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලබාදෙමින් ඉදිකෙරෙන මහයියාව නව මගී හා වාහන උමං මාර්ගයේ අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු අද (20) නිරීක්ෂණය වෙනුවෙන් ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයා එක්විිය.
මේ වනවිට ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය 80%ක් පමණ වන අතර, ඉතිරි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම පිළිබඳව ව්‍යාපෘති නිලධාරීන් සහ ඉංජිනේරුවන් සමඟ එහිදී තවදුරටත් සාකව්ඡා කර තිබේ.
මහනුවර–යාපනය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 2+064 සහ 2+097 අතර ඉදිකෙරෙන මෙම උමං මාර්ගය මීටර් 31.7ක දිගකින්, මීටර් 21ක පළලකින් සහ මීටර් 6.15ක උසකින් යුක්තය.
ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 650ක පමණ මුදලක් වැය කෙරෙයි. මහනුවර නගරයට දිනපතා පිවිසෙන ජනතාවගේ ගමනාගමනය වඩාත් පහසු කිරීමත්, වත්තේගම, මාතලේ, කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව සහ යාපනය ඇතුළු ගමනාන්ත වෙත ගමන් කරන වාහන සඳහා වඩාත් කාර්යක්ෂම ගමනාගමන පහසුකම් සැලසීමත් මෙහි ප්‍රධාන අරමුණයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

