දිත්වා හේතුවෙන් හානි වූ නුවර කලු පාලම ලබන වසර මුලදී ප්‍රතිසංස්කරණය කළ අවසන් කළ හැකි බව ප්‍රවාහන නියොජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කීය. ඒසේම කළු පාලමට අමතරව නව පාලමක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවැසීය.
ඒ් අනුව පේරාදෙණිය සිට මහනුවර දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත්කළ හැකි බවත් ඔහු පැවැසීය. නව පාලම ඉදිකිරීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු ලබන වසර අවසන් වන විට ආරම්භ කිරීමට හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා ඳසහන් කළේය.