පුත්තලම ඇතා හොරොව්පොතානට
පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී වනජීවි නිලධාරීන් විසින් නිර්විදනය කර අල්ලා ගත් ඇතා හොරෝව්පතාන වනඅලි සංරක්ෂණ මධ්‍යස්ථානයට රැගෙන යෑමට අද (03දා) පියවර ගෙන තිබේ.
කොට්ටුකච්චිය ප්‍රදේශයේ ගම්මානයක 68 හැවිරිදි කාන්තාවක පසුගියදා සිය නිවස ආසන්නයේ සිටියදී ඇතාගේ පහරදීමෙන් ඝාතනය වූ අතර පසුව වනජීවී පශු වෛද්‍යවරුන් විසින් ඇතා නිර්විනදනය කර අල්ලා ගෙන තිබේ.
කෙසේ නමුත් මීට පෙර එම ඇතා යාල ජාතික වනෝද්‍යානයට රැගෙන යෑමට තීරණය කර තිබුණූ අතර අද මෙසේ හොරොව්පොතාන වනඅලි සංරක්ෂණ මධ්‍යස්ථානයට රැගෙන යෑමට පියවර ගෙන තිබේ.





පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
popular news
-
Champa Tuesday, 03 July 2018 07:49 PM
හොඳ අදහසක්. ඇත්තුන්ව සංරක්ෂණය කරන්න පියවර ගන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

