පුත්තලමේ ඇතා යාලට
කොට්ටුකච්චිය කිවුල ප්‍රදේශයේ කාන්තාවක් මරා දැමු ඇතා අද (2දා) අළුයම පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙදි වන ජීවි නිළධාරින් නිර්වින්දනය කර අල්ලා ගත් බව කියයි.
අවුරුදු තිස් පහක පමණ වයසක් ඇති මෙම ඇතා අඩි නවයකට ආසන්න උසකින් යුත් අතර දළ යුලග අඩි හතරකට ආසන්න දිගකින් යුක්ත බවද වන ජීවි නිළධාරින් පවසයි.
මෙම ඇතා පසුගිය 29 දා රාත්‍රියේ කොට්ටුකච්චිය කිවුල අක්කර විස්ස ප්‍රදේශයේ කාන්තාවක් මරා දමා තිබුණේ නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේදිමය.
එයට අමතරව තවත් ස්ථානයකදි පුද්ගලයකුට ඇතා පහර දි ඇති බවද කියයි. ඇතා 3දා යාල ජාතික වන උද්‍යානයට රුගෙන යාමට සැලසුම් සකස්කර තිබේ.





හිරාන් ප්‍රියංකර ජයසිංහ
popular news
-
Champa Monday, 02 July 2018 10:26 AM
Ops this is pretty dangerous. The common belief is elephants do revenge attacks, it could be anybody. I feel sorry for the innocent woman. Why this elephant is alone?
Reply : 0 0
Champa Monday, 02 July 2018 12:43 PM
අඩි 9ක් උසලු නේද? තනියමද මෙයත් ඉන්නේ දැන්නෑ? මේ ඇත්තු ගමට එන්නේ කෑම හොයාගෙන වෙන්නැති. බඩත් වැටිලද මන්ද. පව්. පාලිත දැක්ක නම් මේ ඇතාට ඉස්සෙල්ලම කන්න දෙනවා. මම හිතන්නේ ලංකාවේ ඇත්තු එකසිය ගානයි ඉන්නේ. හුඟක් ආදරෙන් ආරක්ෂා කර ගන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

