පාකිස්තානුවන් පරදා කොදෙව්වෝ අවසන් පූර්ව තරගයට
පාකිස්තාන කණ්ඩායම පරාජය කර අද (01දා) මීර්පූර්හිදී පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 84ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට වත්මත් ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.
ලකුණු 167ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානු කණ්ඩායමට පන්දුවාර 17.5ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 82ක් පමණි. පාකිස්තානු කණ්ඩායමෙන් ජයග්රහණය ඈත්කළ සැමුවෙල් බඩ්රී 10/3 ලෙස කඩුලු දවාලමින් සිය පන්දුවාර 4 අවසන් කළ අතර, ඔහුට අනගි සහයක් ලබාදුන් සුනිල් නාරීන් 16/3 ලෙස කඩුලු දවාලමින් පන්දුවාර 4 අවසන් කළේය.
පාකිස්තානයේ එකම ගැලවුම්කාරු වූ ෂාහිඩ් අෆ්රිඩිට රැස්කිරීමට හැකිවූයේ පන්දු 12කදී ලකුණු 18 ක් පමණි. තරගයේ වීරයා ලෙස ඩ්වෙන් බ්රාවෝ සම්මාන හිමිකරගත්තේය.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 166/6 රැස්කිරීමට සමත්විය.
කොදෙව් ඉනිම ඔසවා තැබූ ඩ්වෙන් බ්රාවෝ පන්දු 26කදී ලකුණු 46 රැස්කිරීමට සමත්වූ අතර, ඩැරන් සැමී නොදැවී ලකුණු 42 රැස්කිරීමට සමත්විය. මුලු ලකුණු 81 වනවිට කොදෙව් ඉනිමේ පළමු කඩුලු 5 පන්දුවාර 13.5 වනවිට බිඳවැටී තිබුණත්, ඔවුන් දෙදෙනා හයවැනි කඩුල්ලට පන්දුවාර 5.2 තුළදී ලකුණු 71 එක්කරමින් ඉනිම ඔසවා තැබූහ.
ශ්රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය අනිද්දා (03දා) ඩකාහිදී පැවැත්වෙයි.
බටහිර ඉන්දීය කොදෙව් 166/6 (පන්දුවාර 20)
ඩ්වෙන් බ්රාවෝ 46 (පන්දු 26, 4x2, 6x4)
ඩැරන් සැමී නොදැවී 42 (පන්දු 20, 4x5, 6x2)
ලෙන්ඩ්ල් සිමන්ස් 31 (පන්දු 29, 4x2, 6x2)
පාකිස්තානය පන්දු යැවීම
ෂාහිඩ් අෆ්රිඩි 23/1 (පන්දුවාර 4)
සොහෙල් තන්වීර් 27/1 (පන්දුවාර 4)
පාකිස්තානය 82/10 (පන්දුවාර 17.5 )
මොහොමඩ් හෆීස් 19 (පන්දු 32)
ෂාහිඩ් අෆ්රිඩි 18 (පන්දු 12, 6x2)
ශොයිබ් මක්ෂූඩ් 18 (පන්දු 22, 4x1, 6x1)
බ.ඉ කොදෙව් පන්දු යැවීම
සැමුවෙල් බඩ්රී 10/3 (පන්දුවාර 4)
සුනිල් නාරීන් 16/3 (පන්දුවාර 4)
ක්රිෂ්මර් සැන්ටෝකි 9/2 (පන්දුවාර 2.5)
ඇන්ඩ්රි රසෙල් 15/2 (පන්දුවාර 3)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                