චමරිගේ අර්ධ ශතකයෙන් ශ්‍රී ලංකාවට ජය
සංචාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර එස්.එස්.සී. පිටියේදී අද (19දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු හතරක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම ප්‍රමාද වූ අතර එහෙයින් තරගය පන්දුවාර 27කට සීමාවිය.
කාසියේ වසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 27තුළදී ලකුණු 139ක් රැස්කර ගත්හ. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත්වූයේ අර්ධ ශතකයක් රැස්කරමිනි. මෙම ජයග්‍රහණයත් සමග තරග හතරකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම වූ අතර අනිද්දා (21දා) එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවෙයි. දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැවීමට සිදුවිය.
දකුණු අප්‍රිකානු කණ්ඩායම 139/07 (පන්දුවාර 27)
මිග්නොන් ඩු පෙරෙස් 34 (පන්දු 44, 4x2)
මාරිසැන්නේ කැප් 29 (පන්දු 30, 4x3)
අමා කාංචනා 3/26 (පන්දුවාර 3)
ඉනෝකා රණවීර 2/ 23 (පන්දුවාර 5)
ශ්‍රී ලංකා කණ්ඩායම 139/07 (පන්දුවාර 27)
චමරි අතපත්තු 63 (පන්දු 71, 4x8)
යශෝධා මෙන්ඩිස් 26 (පන්දු 25, 4x3)
ශබ්නිම් ඉස්මයිල් 3/35 (පන්දුවාර 6)
මාරිසැන්නේ කැප් 2/25 (පන්දුවාර 4)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

