ක්‍රිකට් දියුණුව ලක් අනන්‍යතාව දියුණු කිරීමක් - අගමැති
ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම ශ්‍රී ලංකාවේ අනන්‍යතාව තවදුරටත් දියුණු කිරීමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමගින් අරලියගහ මන්දිරයේදී අද (20දා) සවස පැවැති සුහද හමුවකදීය.
පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමේ එක් පියවරක් බවත්, මෙම සුහද හමුව එළඹෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සුභ ප්‍රාර්ථනා කිරීමේ ආරම්භය බවද හෙතෙම මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සාමාජිකයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකාවන් හා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් හා මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
	
	
	
	
	
	
	
	
	
	
	
	
	
	
	
	
	
	
	
	
	
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                