අලුත් අවුරුදු නැකැත් සිට්ටුව
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවාසී සියලුදෙනා මේවනවිට සූදානමින් සිටිනවා.
සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සමග මෙවර අළුත් අවුරුද්ද උදාවන්නේ හෙට අළුයම 2.33 ටයි.
අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව ආහාර පිසීමේ නැකත හෙට පෙරවරු 06.17 ට උදාවන අතර ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා එළකිරි මිශ්‍ර කිරිබතක් ද මුංඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කර ගැනීම මැනවි බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.
හෙට පෙරවරු 07.41 ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු බව ද නැකැත් සීට්ටුවේ සඳහන්.
මෙරව අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 17 වන සෙනසුරාදා පෙරවරු 07.16 ටයි. නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා, හිසට නුග පත් ද, පයට කරඳ පත් ද තබා නුග පත්‍ර යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම සුදුසු බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්.
මෙරව අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 19 වනදා සඳුදා පෙරවරු 06.39 ටයි.
සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබත් හා කැවිලි අනුභව කොට දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටව යාම සුදුසු බව ද අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
