ලොව වටා බොහෝ දෙනෙකු පුල පුලා බලා සිටි One Plus සමාගමේ දෙවැනි උපාංගය වන One Plus 2 පසුගියදා ජාත්‍යන්තර වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම සිදුවිණි. මෙම මාසයේදී වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිත මෙම උපාංගය Dual SIM ස්මාට්ෆෝනයක් ලෙස දැක්වෙන අතර, One Plus සමාගම විසින් 2016 වසරේ අනෙකුත් වෙළෙඳ පොළ ප්රමුඛ තරගකාරී ස්මාට්ෆෝන් උපාංග වල ඝාතකයා ලෙස මෙය හැඳින්වූයේ ඒවායේ අලෙවියට One Plus 2 මගින් දැඩි බලපෑමක් කරනු ඇතැයි යන විශ්වාසයෙනි.
මෙහි මානයන් සලකා බැලූ විට උසින් අඟල් 5.98 ක්, පළලින් අඟල් 2.95 ක් සහ ඝනකමින් අඟල් 0.39 ක් ලෙසින් දැක්වෙන අතර, එය බරින් ග්‍රෑම් 175 ක් වෙයි. LTPS LCD Capacitive Touchscreen වර්ගයේ තිරයක් අඟල් 5.5 ක ඉඩක පැතිරී ඇත. එයට Corning Gorilla Glass 4 තිරයක ආරක්ෂාව සලසා තිබේ.
Android 5.1 Lollipop මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන මෙය සාපේක්ෂව අනෙක් ස්මාට්ෆෝන් උපාංගයන්ට වඩා උපයෝගීත්වයෙන් ඉහළ ලෙසින් සකස්කොට නිමවා ඇත. මෙයට Quad-Core Cortex-A53 හා Quad-Core 1.8GHz ප්රොසෙසරයන්ගෙන් බලය සැපයේ. මෙයට අමතර බාහිර මතකයක් අන්තර්ගත අන්තර්ගත කළ නොහැකි අතර, මෙය අභ්‍යන්තර මතකය 16GB හා රැම් අගය 2GB සහ අභ්‍යන්තර මතකය 64GB හා රැම් අගය 4GB ලෙස සංස්කරණ දෙකකින් වෙළෙඳ පොළට එයි.
මෙගා පික්සල් 13 ක කැමරාවක් සහිතව නවීන ස්මාට්ෆෝන් කැමරාවක ඇති සියලුම පහසුකම් අන්තර්ගතව පැමිණෙන මෙහි කැමරා පද්ධතියට මෙගා පික්සල් 5 ක ඉදිරිපස කැමරාවක්ද ඇතුළත්ය.
අවශ්‍ය සියලු තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්‍රම සපුරා ඇති මෙම උපාංගය ඉවත් කළ නොහැකි Li-Po 3300 mAh බැටරියකින් ජවගැන්වේ. දැනටද මෙය මිලදීගැනීමට අවශ්‍ය පූර්ව ආරාධනා (invitations) වෙනුවෙන් ඉහළ ඉල්ලුමක් ඇති අතර, වෙළෙඳ පොළට නිකුත් වූ විගස මෙය ලොව පුරා ආකර්ෂණයක් දිනාගනු ඇතැයි තාක්ෂණවේදීහු විශ්වාසය පළකරති.