IOSට එන අලුත් Microsoft කී බෝඩ්
නුදුරේදී බීටා පරීක්ෂක යෙදුමක් නිකුත් වනු ඇතැයි විශ්වාස කෙරෙන iOS වෙත එන Microsoft සමාගමේ යතුරුපුවරුව සම්බන්ධයෙන් දැනටමත් දිගු කතිකාවතක් ඇතිවී ඇත. ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීමට ලැබෙනුයේ The Verge වෙබ් අඩවියට එයට පළමුව අතගැසීමට ලැබීමත් සමගිනි.
මෙම යතුරුපුවරුවසුවිශේෂය. එය එහි අනන්යතම ලක්ෂණය වනු ඇත. ඒ මෙම යතුරුපුවරුවස්මාට්ෆෝනයේ එක් පසකින් පමණක් එළිදැක්වෙන නිසාවෙනි. එනිසා මෙහි එක් අතකින් අපහසුවකින් තොරව යතුරු ලියනයේ හැකියාව ඇත. නුදුරේදී මෙහි නිල යෙදුම ඇපල් වෙත නිකුත් වනු ඇති අතර, එය වසර අවසානයට ළඟාවන විට ඇන්ඩ්රොයිඩ් වෙතද නිකුත් වනු ඇත.
මේ සමග Flexy කීබෝඩය, Swiftkey කී බෝඩය සමග තරගකාරී නව කී බෝඩයක් වෙළෙඳ පොළට එනු ඇත. එය සාර්ථක වන්නේ කාර්යබහුල මිනිසුන්ට එය ප්රයෝජනවත් වන ආකාරයේ චින්තනයකින් යුතුව ක්රියාත්මක වන නිසාවෙනි.
http://www.theverge.com/ඇසුරෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

