Oppo නිෂ්පාදන මේ දිනවල ශ්‍රී ලංකාව තුළත් අතිශයින් ජනප්‍රියව ඇත්තේ මින් කලකට පෙරපැවති මතවාදයක් පෙරළා දමමිනුයි. එනම් චීන ස්මාට්ෆෝන් නිෂ්පාදන සෑමවිටම තත්වයෙන් බාල වන බවට මිනිසුන් තුළ ඇති අඩු මානසිකත්වයයි. හුවාවේ, ඔබෝ, වන්ප්ලස් වැනි සමාගම් සිය නිෂ්පාදන වඩා තරගකාරී සහ අඩු මිළ පරාසයක් යටතේ නිපදවීමත් සමගින් බොහෝ මිනිසුන් ප්රමුඛ පෙලේ සන්නාමයන් වෙනුවෙන් අය කරගන්නා මිල නොගෙවා, තමන් මිලදී ගන්නා ස්මාට්ෆෝනයේ ගුණාත්මක භාවයට පමණක් සිය මුදල් ආයෝජනය කරන්නට නැඹුරු වීම එම හැරවුම් ලක්ෂ්‍යය වූ බව නිරීක්ෂණය කළ හැක.
මෙලෙස හඳුන්වාදෙන Oppo R9 Plus උපාංගය ඇතුළු Oppo R9 ස්මාට්ෆෝන් මාලාව (R9, R9 Plus, R9s සහ R9s Plus) පසුගියදා මිලියන විස්සක අලෙවි වාර්තාවක් පිහිටුවන්නට සමත් විය. එම සමාට්ෆෝන් හතරෙන් දෙකක් වසරේ මුලද ඉතිරි දෙක වසරේ අගද නිකුත් වූ බවද එහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.
අඟල් 6 ක තිරයක්, Corning Gorilla Glass 4 ආරක්ෂාව සමග Oppo R9 Plus ස්මාට්ෆෝනයේ තිබේ. එයට Octa-core මධ්‍යම සැකසුම් ඒකකයක් තිබෙනා අතර, අභ්‍යන්තර මතකය ගිගාබයිට් 64 සහ 128 ලෙසින් වන සංස්කරණ දෙකකින් Oppo R9 Plus ස්මාට්ෆෝනය නිකුත් වෙයි. එසේම මෙහි ගිගාබයිට් 4 ක රැම් මතකයක්ද අන්තර්ගත වේ.
මෙගාපික්සල් 16ක කැමරාවට (f/2.0) phase detection autofocus, LED flash හැකියාවන් සහ අඟල් 1/2.8 ක ප්‍රමාණයේ සෙන්සරයක් අන්තර්ගත වන අතර අමතර විශේෂාංග ලෙස geo-tagging, touch focus, face detection, panorama, HDR හැකියාවන් පෙන්වාදිය හැක. ඉදිරිපස කැමරාවද මෙගාපික්සල් 16ක විභේදන බලයකින් යුක්ත වේ.
Fingerprint sensor (front-mounted), accelerometer, gyro, proximity, compass යන සංවේදකයන් සමගින් ඉහළ තාක්ෂණික භාවිතාවන් රැසක් ලබාදෙන මෙම Oppo R9 Plus උපාංගය පෙණුමින්ද ආකර්ෂණීය හැඩයක් ගන්නා අතර මෙය නිකුත් වන්නේ රත්රන් වර්ණයෙන් පමණකි. මිනිත්තු තිහකින් සියයට 75ක් දක්වා බැටරිය ආරෝපණය කිරීමේ හැකියාවද මෙයට තිබෙනා අතර, වඩාත් ප්‍රබල ඉවත් කළ නොහැකි Li-Po 4120 mAh බැටරියක් මෙහි අන්තර්ගතය.