සැම්සුන්ග් සමාගම මගින් ඉදිරිපත් කරන්නට නියමිත තමන්ගේ Galaxy S කාණ්ඩයේ දුරකථන පෙළේ මීලඟ දැවැන්තයා වන Samsung Galaxy S8 සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනෙකු කතාබහ කරන බව නිරීක්ෂණය කළ හැක. මේ අතරේදී බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයකට ලක්ව ඇත්තේ අභිනව Samsung Galaxy S8 ස්මාට්ෆෝනයේ තත්‍යාසන්න සහකරු හෙවත් වර්චුවල් ඇසිස්ටන්ට් ලෙසින් හඳුන්වාදෙන බික්ස්බි වෙත වේ.
දැනට ඇන්ඩ්‍රොයිඩ් පද්ධති සමගින් තත්‍යාසන්න සහකරුවා ලෙසින් ගූගල් ඇසිස්ටන්ට් දක්නට ලැබුණත්, හඳුන්වාදෙන බික්ස්බි යනු එයින් බොහෝ ඔබ්බට ගිය ප්‍රබල තත්‍යාසන්න සහකරුවෙකු බව අසන්නට ලැබේ. සැම්සුන්ග් සමාගම මගින් බික්ස්බි ලෝකයට හඳුන්වාදෙනු ලබන්නේ, ඇපල් සමාගමේ තත්‍යාසන්න සහකරු වූ සිරී වෙනුවෙන්ද දැඩි දායකත්වයක් දැක්වූ Viv Labs සමාගමේ සහයෝගයද සමගින් බව අසන්නට ලැබේ. මේ වනවිට Viv Labs සමාගම, සැම්සුන්ග් සමාගම මගින් තමන් වෙත පවරාගෙන තිබේ.
දැනට ලැබී ඇති දූෂමාන ආරංචි වලට අනුව බික්ස්බි යනු බොහෝ ප්‍රබල තත්‍යාසන්න සහකරුවෙකු වන අතර, බික්ස්බි හට ස්මාට්ෆෝනයේ කැමරාවේ වීව් ෆයින්ඩරයෙන් පෙනෙනා වස්තූන් හඳුනා ගැනීමට මෙන්ම එයින් පෙනෙනා වචන පවා හඳුනාගැනීමේ විශිෂ්ට හැකියාවක් ඇත. මෙයට අමතරව බික්ස්බි හට භාෂා හතකට එහා ගිය භාෂා ඥාණයක්ද තිබේ. ඒ අතරට ඉංග්‍රීසි, චීන සහ කොරියානු භාෂාද ඇතුළත් වේ. සෑම අතකින්ම වඩාත් නිරවද්‍ය සහ වඩාත් පුළුල් භාෂා ඥාණයක් තිබීම, තත්‍යාසන්න සහකරුවෙකුට වඩාත් නිවැරදිව සිය සේවාවන් ලබාදීමටත්, වඩාත් පුළුල් සේවාවක් ලබාදීමටත් අත්‍යාවශ්‍ය සාධකයක් බව කිව යුතුම වේ.
මෙම සියළුම කරුණු කාරණා සසඳා බලන විට පෙනී යන්නේ බික්ස්බි තත්‍යාසන්න සහකරුගේ සම්පූර්ණ හැකියාවන් සහ සීමාවන් සම්බන්ධයෙන් තවමත් ඇගයීමක් කිරීමට තරම් කරුණු කාරණා නිල වශයෙන් නිකුත් වී නොමැති වූවත්, එය නිතරගයෙන්ම ගූගල් ඇසිස්ටන්ට්ට වඩා හැකියාවෙන් සහ දියුණුවීමේ ශක්‍යතාවයෙන් ඉහළින් සිටිනු ඇති බවයි. ඒ නිසාවෙන්ම සැම්සන්ග් සමාගම දැනටමත් පිඹුරුපත් සකසා ඇත්තේ, බික්ස්බි තත්‍යාසන්න සහකරු සමගින් තමන්ගේ අනාගත ස්මාට්ෆෝන් උපාංග සඳහා අතිශයින්ම ඉහළ පරිශීලක ආකර්ෂණයක් දිනා ගැනීමට බවට සැකයක් නැත.
මේ සැමදේම සමගින් සැම්සුන්ග් සමාගමේ බික්ස්බි හා ඇපල් සමාගමේ සිරී අතර හැකියාවන් හා නොහැකියාවන් සංසන්දනය කිරීමට තවමත් වේලාසන වැඩි නමුත්, තවමත් ඇපල් සිරී හට භාෂා විස්සක ප්‍රවීණත්වය ඇති බවද සඳහන් කළ යුතුම වේ.