2012 වසරේ සිට චීනයේ වැඩියෙන්ම අලෙවි වන ස්මාට්ෆෝනය ලෙසින් වාර්තා තබා තිබුණේ ඇපල් අයිෆෝනයයි. එහෙත් නවතම සමීක්ෂන වාර්තාවන්ට අනුව ඒ තැන ඔපෝ සමාගමේ R9 උපාංගයට හිමිවී ඇති බවත්, ඒ අනුව ඔපෝ විසින් ඇපල් අභිබවා ඇති බවත් දැක්වේ. වාර්තාවන්ට අනුව ඔපෝ R9 උපාංග මිලියන 17ක් පසුගිය වසර තුළදී චීනය තුළ අලෙවිව ඇත. එය සම්පූර්ණ ස්මාට්ෆෝන් අලෙවියෙන් සියයට හතරක අගයක් ගනියි. එය ඇපල් සමාගමේ iPhone 6S සමග සැසඳීමේදී ඔපෝ R9 උපාංග ඉදිරියෙන් සිටියි. ඒ අයිෆෝන් තරගකරුවා උපාංග මිලියන 12ක් පමණක් අලෙවි කර තිබීම නිසාවෙනි. එය ප්රතිශතයක් ලෙස සම්පූර්ණ වෙළඳපොලින් සියයට 2කි.
චීනයට ඔපෝ උපාංග නැවුගත කිරීම් පසුිය වසර වන විට සියයට 106 කින් ඉහළ ගිය අතර ඇපල් සමාමේ නැවුගත කිරීම් සියයට 21කින් පහළ ගොස් ඇත.
www.cnbc.com