වර්තමානයේදී ලැප්ටොප් හෝ නෝට්බුක් පරිගණකයක් භාවිතා කරනා ඕනෑම අයෙකු මුහුණ දෙන ගැටළුවක් වන්නේ, එවැනි පරිගණකයක් සමගින් පරිශීලනයට ලැබෙනා USB ද්වාර තුනක ප්‍රමාණය නොසෑහීමයි. මීට හේතුව වන්නේ වත්මන් නෝට්බුක් පරිගණකයක් සමගින් අප අමතර යතුරු පුවරුවක්, මවුසයක් වැනි ආදාන උපාංග මෙන්ම අතිරේක මතක ධාරිතාවක්, පෙන් ඩ්‍රයිව් උපාංගයක් මෙන්ම ඩොංගල් උපාංගයක් වැනි දෑද භාවිතා කිරීමට පෙළැඹීමයි. මේ සමගින්ම කූලර් පෑඩ් උපාංගයක් වැනි යමක්ද භාවිතා කිරීමට බොහෝ දෙනෙකුට අවශ්‍ය වේ.
කෙසේ වුවත් මෙවැනි උපාංග ප්‍රමාණයක් ඔබේ නෝට්බුක් උපාංගයේ පවත්නා USB ද්වාර තුන සමගින් කෙසේ වත් කළමණාකරණය කරගත නොහැකි වනු ඇති අතර, එවිට ඉතිරිවන විසඳුම වන්නේ USB Hub උපාංගයක් මිලදී ගැනීමයි. මෙයින් සිදුවන්නේ එක් USB ද්වාරයකට මෙම උපාංගය සවි කළ විට, ඊට තවත් USB උපාංග තුනක් හෝ හතරක් සවි කිරීමට අවකාශ සැලසීමයි.
කෙසේ නමුත් මෙවැනි USB hub උපාංගයක් සමගින් බොහෝ විට අතිරේක USB දෘඩ තැටියක් හෝ එවැනි ප්‍රබල පරිගණක බලයක් අවශ්‍ය වන වෙනත් USB උපාංගයක් සවි කිරීමට සිදුවන විටකදී, මෙම USB hub උපකරණ පලක් නොමැති වනු ඇත. මෙම හඳුන්වා දෙන PROLiNK USB 3.0 4-Port Mini Hub උපාංගය ඊට අගනා විසඳුමක් සපයනු ඇත.
මෙහි USB 3.0 වේගය සහිත ද්වාරයන් හතරක් ඇති අතර, 5Gbps වේගයෙන් දත්ත හුවමාරු කිරීමේ හැකියාවද ඇත. එසේම අවශ්‍ය නම් 480Mbps වේගය සහිත USB 2.0 ද්වාරයන් සමගින්ද, 12Mbps වේගය සහිත USB 1.1 ද්වාරයන් සමගින්ද මෙම PROLiNK USB 3.0 4-Port Mini Hub උපාංගය මැනවින් ක්‍රියාත්මක වනු ඇත.
Plug and Play ක්‍රියාකාරිත්වය සහිත නිසා මෙයට USB උපාංගයක් සවි කිරීමට හෝ ගැලවීමට පරිගණක යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීම අනවශ්‍ය වන අතර, PROLiNK මගින් පේටන්ට් බලපත්‍ර හිමිකොටගෙන ඇති Patented Bus-Powered තාක්ෂණයද මෙහි ඇතුළත් වේ. එසේම Windows, MacOS සහ Linux මෙහෙයුම් පද්ධතීන් සමගින් මෙය මනාව ක්‍රියාත්මක වනු ඇත. මෙහි වෙළෙඳපොළ මිල රුපියල් 2,850 ක් වන අතර, ඔබට mydeal.lk ඔස්සේ වට්ටමක්ද සහිතව රුපියල් 2,199 ක මිලකට ලබා ගැනීමට හැකියාව ඇත.