තමන් උපාංග නිෂ්පාදනය කරන්නේ පවත්නා පරපුරට නොව අනාගත පරපුරට වන බවට සාඩම්බරයෙන් ප්‍රකාශ කරනා One Plus සමාගම, තමන් 2014 දී නිමවූ One Plus One උපාංගය 2015 වසර තෙක් සරිලන ලෙසත්, 2015දී නිමවූ One Plus 2 උපාංගය ‘2016 වසර දක්වා දියුණු වනු ඇති තාක්ෂණයන් පෙර දකිමින් ඊට සරිලන ලෙසත් නිමවූ බව ප්‍රකාශ කොට සිටියත්, එම මතය බොරු කරමින් මෙම වසරේදී One Plus X උපාංගය නිකුත් කරන්නට සැලසුම් කොට ඇත.
මෙම ස්මාට්ෆෝනය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්නේ නම්, ලෝහමය රාමුවක පිහිටා ඇති සෙරමික් පෘෂ්ඨය One Plus X වෙත වෙනස් හැඩයක් එක් කරයි. අඟල් 05 ක තිරයක්, 3GB රැම් මතකයක්, 16GB අභ්‍යන්තර මතකයත් සහ MicroSD චිප හරහා මතක ධාරිතාව ඉහළ නැංවීමේ පහසුව ද මෙම ස්මාට්ෆෝනයට තිබේ. එලෙසින්ම ද්විත්ව සිම්පත් එක් කිරීමේ හැකියා ව, මෙගා පික්සල් 13ක ප්‍රධාන කැමරාව, ඒ හා සබැඳි සුවිශේෂිත කාච සහ සෙන්සර පද්ධතිය, මෙගා පික්සල් 8 ක ඉදිරිපස කැමරාව යන සියලුම නවීන විශේෂාංග සමගින් ඇ.ඩො. 250 ක පමණ මුදකට වෙළෙඳ පොළට හඳුන්වාදීමට නියමිත මෙම උපාංගය ශ්‍රී ලංකාවට නිකුත් වන දිනයක් සහ මිල පරාසයක් පිළිබඳව පැවසීමට තවමත් කල්වැඩි බවද සිහිතබා ගත යුතුය.