2013 වසර ඇතුළත් සියලු නිෂ්පාදකයින් අලෙවි කළ ස්මාට්ෆෝන් ප්රමාණය මිලියන 990 ක් ලෙස දැක්වෙනවා. එය 2012 වසරේ දැක්වූ මිලියන 700 ට පසු ගැනුණු විශාල ඉදිරි පිම්මක්. මෙම ස්මාට්ෆෝන් අලෙවිය ඇතුළෙ ඉන්න ප්රධානම ජයග්රහකයා ලෙසින් වාර්තාවන්නේ Android මෙහෙයුම් පද්ධතියයි. එයින් අදහස් වන්නේ සෑම ස්මාට්ෆෝන් පහකින්ම හතරක්ම ඇන්ඩ්රොයිඩ් මගින් බලගැන්වෙන බවයි. එසේම එය Apple සහ Microsoft සමාගම් එක්ව නැව්ගත කරන ස්මාට්ෆෝන් ප්රමාණය මෙන් සිව්ගුණයක් ස්මාට්ෆෝන් තුළ ධාවනය වන බවයි.
කෙසේ වුවත් Ubuntu Touch, Firefox Os සහ Tizen වැනි ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධති නිසා මෙම වසරේදී Android ඉහළ නැග්ම ප්රතිශතාත්මක වශයෙන් යම් පහළ අගයක් ගනු ඇතැයි විශ්ලේෂකයින් විශ්වාස කරනවා. Apple ios ටත් වඩා සැලකිය යුතු තරමක් පසුපසින් සිටින Microsoft හී Windows Phone ද නව වෙනස්කම් සහිතව එනු ඇතැයි විශ්වාස කෙරෙනවා.