ෆේස්බුක් වීඩියෝවෙන් වෙළෙඳ දැන්වීම්
වර්තමානය වන විට ලොව පුරා දක්නට ලැබෙනා ෆේස්බුක් ඇබ්බැහියත්, එය යොදාගනිමින් ෆේස්බුක් මගින් දැවැන්ත ලෙසින් මුදල් උපයාගැනීමත් කථාබහට ලක්වන කරුණු වේ. කෙසේ නමුත් ෆේස්බුක් වෙළෙඳ ප්‍රචාරණයන් අතර අසන්නට ලැබෙනා නවතම ප්‍රවෘත්තිය වන්නේ ෆේස්බුක් වීඩියෝවක් ධාවනය වීම ආරම්භ වූ පසුව ඒ තුළ වෙළෙඳ දැන්වීම් පළ කිරීම අත්හදා බැලීමට ෆේස්බුක් සමාගම කටයුතු කරමින් සිටින්නේය යන්නයි.
සාමාන්‍යයෙන් යූටියුබ් හි දක්නට ලැබෙන ආකාරයේ වීඩියෝවක් ධාවනය වීමට පෙර දිස්වන වෙළෙඳ දැන්වීම් අද වනතුරුත් ෆේස්බුක් මගින් යොදාගෙන නොතිබුණි. එනමුත් මෙම නව ක්‍රමය යොදාගතහොත් ෆේස්බුක් සමාගමට ඒ මගින් පමණක් සිය ආදායමෙන් 55% ක් ආවරණය කරගැනීමට හැකිවනු ඇතැයි විශ්ලේෂකයින් පවසයි. එනමුත් එයට ෆේස්බුක් පරිශීලකයින්ගෙන් අයහපත් ප්‍රතිචාර එල්ලවීමේ හැකියාවක්ද තිබෙනා බව කිව යුතුවේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් ෆේස්බුක් සමාගම වැළකී සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

