සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද(26දා) සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 2ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 223ක් රැස් කළේය.
එහිදී නායක හැරී බෲක් 135ක් රැස් කළේය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ නවසීලන්ත කණ්ඩාය පන්දුවාර 36 පන්දුවාර 04ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 224ක් ලබා ගනිමින් තරගය ජයග්රහණය කළේය.
එහිදී ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 78ක් රැස් කළේය.