සංචාරක දකුණු අප්රිකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ තුන්වන දිනය සඳහා වන තරගය මේ වන විට පැවැත්වේ.
ජයග්රාහී ලකුණු 124ක ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 4ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 10ක් රැස් කරගෙන සිටියේය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්රිකාව සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 159ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම ඉන්දියාව පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 189ක් රැස් කළේය.
අනතුරුව දකුණු අප්රිකාව දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 153ක් රැස් කළ අතර, ඒ අනුව ඉන්දියාවට ජයග්රහණය සඳහා ලකුණු 124ක ඉලක්කයක් හිමි වුණි.