ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය කල් දමයි
සෞදි අරාබියේ පැවැත්වීමට නියමිතව තිබූ 2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය කල් දමා තිබේ.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සමග සෞදිය ඉලක්ක කර හූති සටන්කරුවන් එල්ලකරන ප්‍රහාර හේතුවෙන් මෙසේතරගාවලිය කල් දමා තිබේ.
කණ්ඩායම් 24ක් සහභාගී වන මෙම තරගාවලිය මුලින් 2027 ජනවාරි 7 සිට පෙබරවාරි 5 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, දැන් එය 2027 දෙසැම්බර් 23 සිට 2028 ජනවාරි 21 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී, යේමනයේ හූති කණ්ඩායම විසින් රියාද් ගුවන් තොටුපළ ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගිය අතර, 300කට අධික පිරිසක් තුවාල ලැබූහ.
ආසියානු පාපන්දු සම්මේලනය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, "කලාපය තුළ සිදුවන වර්ධනයන් හේතුවෙන් පැන නැගී ඇති අසාමාන්‍ය තත්ත්වයන්, සැලකිය යුතු සැපයුම් සහ මෙහෙයුම් සංකීර්ණතා මෙන්ම ගමන් බිමන්වලට ඇති වී තිබෙන බාධා" සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.
එහි තවදුරටත් සඳහන් වූයේ, "තරගාවලිය සඳහා වන නව දින වකවානු, අනුමැතිය ලබා ගැනීම පිණිස ෆීෆා වෙත ඉදිරිපත් කරනු ලබන" බවයි.
මෑත කාලීනව සෞදි අරාබියේ පැවැත්වීමට නියමිතව තිබූ තවත් ඉසව් කිහිපයක්ම අවලංගු කර ඇති අතර, රියාද් නුවර
පැවැත්වීමට නියමිතව තිබූ 'සික්ස් කිංග්ස් ස්ලෑම්' ටෙනිස් ප්‍රදර්ශන තරගාවලිය ද ඊට ඇතුළත් වේ.
එමෙන්ම, නොවැම්බර් 18 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ 'ඒෂියන් ටුවර්' ගොල්ෆ් තරගාවලියේ අවසන් අදියර ද දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

