ශ්‍රී ලංකා පාපන්දු සම්මෙලනයේ 75වැනි සංවත්සරය සඳහා දිවයිනට පැමිණ සිටින අන්තර්ජාතික පාපන්දු සංගමයේ සභාපති ජෝසප් සෙප් බ්ලැටර් මහතා අද (2දා) පෙරවරුවේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
එසේම ජගත් පාපන්දු ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට ජාත්‍යන්තර පාපන්දු සංගමයේ සහාය අවශ්‍ය බවද ජනපතිවරයා මෙහිදී ෆිෆා සභාපතිවරයාට පැවැසා තිබේ.
ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති රංජිත් රොද්‍රිගෝ මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.