ශ්‍රී ලංකා කණ්ඩායෙම් පුහුණුකරු ඒංගලන්ත කණ්ඩායමේ සහායක පුහුණුකරු තනතුරට පත්කර අැති බවට වාර්තාවන තෙරතුරු පිළිබඳව විමතිය පළකරන බවත් ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් පෝල් ෆාබ්‍රේස් මහතා ඔවුන්ගේ පුහුණුකරුවෙක් වශයෙන් බඳවා ගැනීමට කැමැත්තක් පවතින බව ඔවුන් විසින් නිළ වශයෙන් ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙන බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
කෙසේ නමුත් මේ පිළිබඳව ෆාබ්‍රේස් මහතාත් සමග සාකච්ඡා කරන තෙක් කිසිවක් සඳහන් කළ නොහැකි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයට දැනුම්දී තිබේ. එසේම ෆාබේස් මහතා අදාළ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග මෙතෙක් සාකච්ඡා පවත්වා නොමැති බවත් ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
පෝල් ෆාබ්‍රේස් මහතා එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු වශයෙන් තොරාගෙන ඇති බව අප මීට පෙර ඔබ වෙත කරුණු ඉදිරිපත් කළෙමු. එහිදී සඳහන් කළ පරිද්දෙන්ම ෆාබ්‍රේස් මහතා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග වසර දෙකක ගිවිසුමකට එක්ව සිටියි. එහෙත් එම ගිවිසුමෙන් මේ දක්වා අවසන් වී ඇත්තේ මාස 4ක කාලයක් පමණි. කෙසේ නමුත් ඔහු පුහුණුකරු තනතුර හෙබවු කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවට ආසියානු කුසලාන තරගාවලි ජයග්‍රහණය මෙන්ම පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියද ජයග්‍රහණය කිරීමට හැකිවිය.