ශ්රී ලංකා කණ්ඩායමේ නවක වේග පන්දු යවන ක්රීඩක ළහිරු කුමාර දකුණු අප්රිකාව හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී දකුනු අප්රිකා පළමු ඉනිමේදී කඩුලු හයක් දවා ගැනීමට සමත්විය. ඒ අනුව 19 හැවැරිදි ළහිර දකුණු අප්රිකාවේදී ටෙස්ට් කඩුලු පහක් දවාගත් ශ්රී ලංකාවේ සිව්වැනි වේග පන්දු යවන්නා ලෙසත් ඉතිහාසයට එක්විය.
ඔහුට පෙරාතුව ඩිල්හාර ප්රනාන්දු, චානක වෙලගෙදර හා පසුගිය තරගයේදී සුරංග ලක්මාල් මෙම දක්ෂතාව දැක්වීය.ළහිරු පන්දුවාර 25කදී ලකුණු 122ට කඩුලු හයක් දවාගැනීමට සමත්විය. ඒ අනුව දකුණු අප්රිකා පළමු ඉනිම ලකුණු 392ට සීමා විය.