ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ 4 වැනි සති අන්තයේ අවසන් වන විටදී තෙවැනි සතියට සාපේක්ෂව ප්‍රසාද ලකුණු සටහනේ කණ්ඩායම් ස්ථානවල කිසිදු වෙනසක් සිදුවී නොමැත.
සුපුරුදු පරිදි මෙම සතියේදීද ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට හැව්ලොක්ස් සමත් වී ඇත්තේ පුරා සති 5ක් එම ස්ථානය හිමි කර ගනිමිනි.
තරගාවලියේ තරග 11 කට මේ දක්වා එක්වී ඇති හැව්ලොක්ස් කණ්ඩායම එහිදී තරග 10 ක ජයග්‍රහණය හිමි කරගෙන ඇත්තේ සමස්ත ප්‍රසාද ලකුණු 58ක් හිමි කරගනිමිනි.
එහි දෙවැනි ස්ථානය මහනුවර කණ්ඩායමට හිමිව ඇති අතර තරග 10 කට සහභාගි වී ඇති ඔවුන් ඉන් තරග 9 ක ජය හිමි කරගනිමින් සිය ප්‍රසාද ලකුණු සටහන 57 දක්වා ඉහළ නංවාගැනීමට සමත්වී ඇත.
තරගාවලියේ තෙවැනි සතියේදී මහනුවර හමුවේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට බැසීමට සිදුවූ නාවික හමුදා ක්‍රීඩකයෝ මෙහි තෙවැනි ස්ථානය හිමි කර ගෙන ඇති අතර ඔවුන් තරගාවලියේ සහභාගි වූ තරග 11 න් 9 ක ජය හිමිකරගෙන ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 52 කි.
පසුගිය සතියේදී යුද හමුදා කණ්ඩායම හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජය මෙම සතියේදී සී.ආර්. කණ්ඩායමේ ස්ථානය පහත හෙළීමට හේතුවී නොමැති අතර ඔවුන් සුපුරුදු පරිදි ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ රැඳී සිටියි. ඒ තරග 6 ක ජය හිමි කර ගනිමින් සමස්ත ප්‍රසාද ලකුණු 40 ක් දක්වා සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වර්ධනය කරගනිමිනි.
මේ අතර තරගාවලියේ 12 වැනි සති අන්තයේ තවත් තරග හතරක් මේ සති අන්තයේදී පැවැත්වීමට නියමිතව ඇත. එහිදී හෙට (28) සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. හැව්ලොක්ස් කණ්ඩායම සමගින් කොළඹ ලොන්ඩන් පෙදෙසේදී ත් නාවික හමුදා කණ්ඩායම යුද හමුදාව සමගින් වැලිසර නාවික හමුදා පිටියේදීත් තරග වැදීමට නියමිතය.
එමෙන්ම අනිද්දා (29) පොලිස් කණ්ඩායම සී.එච්. ඇන්ඩ් එෆ්. සී. සමගින් කොළඹ පොලිස් පිටියේදිත් තරග වැදීමට නියමිතව ඇත.