පකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේෙදී පන්දු යැවීම හෆීස්ට තහනම් කර තිබේ.
නවසීලන්තය හා අබුඩාබිහි පැවැති පළමු ටෙස්ට් තරගයේදි මොහොමඩ් හෆීස්ගේ පන්දුයැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වූ අතර ඉන් අනතුරුව හෆීස් එංගලන්තයේ පරික්ෂා කළ අතර එහිදී හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව අංශක 15 රීතිය කඩකරන බවට තහවුරු වි තිබේ.