හර්ෂණ හා ෂ්යාමල් ශ්රී ලංකාව ඔසවා තබති
හර්ෂණ ගොඩමාන්න හා ෂ්යාමල් දිසානායක අවසන් පූර්ව වටයේදී දැක්වු විශිෂ්ඨ දක්ෂතා හේතුවෙන් ඩේවිස් කුසලාන ටෙනිස් තරාගාවලියේ ආසියා / ශාන්තිකර කලාපයේ දෙවැනි කොටස (Group 2) දක්වා ඉහළ පැමිණීමට ශ්රි ලංකාව අද (22) සමත් විය. එම කොටසට යාම සඳහා ශ්රී ලංකාවෙට අතිශයින් වැදගත් වූ කටාර් සමග පැවති තීරණාත්මක අවසන් පූර්ව වටයේදී ශ්රී ලංකාව තරග අදියර 2-0 ක් ලෙසින් පහසුවන් ජයග්රහණය කිරීම විශේෂත්වයකි.
තරගය ඒකළ අදියර දෙකක් හා එක් යුගල අදියරක් ලෙසින් අදියර තුනක් යටතේ පැවැතවීමට නියමිතව තිිබුණත් මුලින් පැවති ඒකළ අදියර ද්විත්වය හර්ෂණ ගොඩමාන්න හා ෂ්යාමල් දිසානායක විසින් තරග වට 2-0 ක් හා 2-0 ක් ලෙස ජයග්රහණය කිරීම නිසා යුගල අදියර නොපවත්වාම ශ්රී ලංකාවට ජයග්රහණය හිමිවිය.
පුරා දින 5 (17,18,19,20,22) ක් පැවති තරගාවලිය අදින් අවසන් වූ අතර ශ්රී ලංකාව සමගින් ලෙබනනය එළඹෙන වර්ෂයේ ඩේවිස් කුසලානයේ ආසියා ශාන්තිකර කලාපයේ දෙවැනි කාණ්ඩයෙන් තරග වැදීමට මෙහිදි සුදුසුකම් ලබා ගත්හ.
හර්ෂණ ගොඩමාන්න තරගය අතරතුරදී
හර්ෂණ ජයග්රහණයෙන් පසු
ෂ්යාමල් දිසානායක සිය තරගය අතරතුරදී
ජයග්රාහී ශ්රී ලංකා කණ්ඩායම
ඡායාරූප - ඕෂිත වරකපිිටිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
