ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ කළමනාකරු වශයෙන් කටයුතු කළ අසංක ගුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්ෂතා මධ්‍යස්ථානය, කාන්තා ක්‍රිකට් ප්‍රධානී ලෙස පත්කළත් ඔහු නැවතත් ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස පත්කරන ලෙස ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
ශ්‍රි ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ලබන සතියේදී ආරම්භවීමට නියමිතය.එසේ වුවත් කණ්ඩායමේ කළමනාකරු මේ දක්වා නම් කර නොමැත. අසංක ගුරුසිංහ මේ වන විට ඔස්ට්‍රේලියාවට ගොස් සිටියි.
පකිස්ථාන් ඔබ්සේවර් ඇසුරෙනි