www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සෝන්ඩර්ස්- බ්ලූ ස්ටාර් තරගය ජය පැරදුමින් තොරව අවසන් විය. කොළඹ සිටි පාපන්දු ක්රීඩාංගණයේදී අද (12) පැවති තරගයේ පළමු මිනිත්තු කිහිපය තුළදීම ක්රියාත්මක වූ බ්ලූ ස්ටාර් ක්රීඩක එම්.එම්.ෆාහීර් බ්ලූ ස්ටාර් වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර ඒ අනුව පළමු අර්ධය නිමා වූයේ ගෝල 1-0 ක් ලෙස බ්ලූ ස්ටාර් ඉදිරියෙන් සිටිමිනි.
කෙසේ වෙතත් සෝන්ඩර්ස් කණ්ඩායමේ කසුන් ජයසූරිය 79 වැනි මිනිත්තුවේදී රැස් කළ ගෝලය , තරගය ජයපැරදුමින් තොරව අවසන් කිරීමේ අවස්ථාව සෝන්ඩර්ස් වෙතලබා දුන්නේය.
සෝන්ඩර්ස් කණ්ඩායම මෙවර තරගවාරයේ ජය පැරදුමින් තොරව අවසන් කළ 6 වැනි තරගය මෙයයි. එමෙන්ම බ්ලූ ස්ටාර් කණ්ඩායම ජය පැරදුමින් තොරව අවසන් කළ 5 වැනි තරගයද වේ.
මේ අතර අද (12) පැවති තවත් තරග කිහිපයකදී රිනවුන් හමුවේ ක්රිස්ටල් පැලස් ගෝල 4-1 ක දැවැන්ත පරාජයක් ලැබූ අතර නිගම්බො යූත් පරදා ගෝල 5-2 ක පරාජයක් නිව් යංග්ස් හිමි කර ගත්තේය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd