සීගිරි රැළි ක්‍රොස් නිමවෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය හා එක්ව 08 වැනි වරට සංවිධානය කළ සීගිරිය රැලි ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය පසුගිය ඉරිදා (05දා) සීගිරිය ධාවන පථයේදී නිමාවට පත්විය. මෙය ශ්‍රී ලංකාවේ ඇති එකම තාර හා බොරළු මිශ්‍ර වූ පොළොවකින් ඉදිවී ඇති ධාවන පථය වේ.
මෙවර තරගාවලිය යතුරු පැදි ඉසව් 11 ක් හා මෝටර් රථ ඉසව් 12 ක් ලෙස සමස්ත ඉසව් 23 ක් යටතේ පැවැති අතර, ඒ සඳහා යතුරු පැදිකරුවන් 101 ක් හා මෝටර් රථ ධාවකයෝ 78 ක් පමණ එක්ව සිටියහ. දැඩි තරගකාරීත්වයක් පැවැති මෙවර තරගාවලියේ දක්ෂතම යතුරු පැදි ධාවකයා ලෙස ඉෂාන් දසනායකද, දක්ෂතම මෝටර් රථ රියදුරා ලෙස උෂාන් පෙරේරාද සම්මාන දිනාගත්හ.
ත්‍යාග හා සහතිකපත් ප්රදානය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීන් මෙන්ම ගුවන් හමුදා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් චන්දන වැලිකල, ගුවන් හමුදා සීගිරිය කඳවුරේ අණදෙන නිලධාරි ගෲප් කපිතාන් හර්ෂ ජයතිලක ඇතුළු ගුවන් හමුදා නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
























