සී.එච්. නම වැනි පරාජයත් ලබයි
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. සමග පැවති තරගයෙන් ලකුණු 43-08 ක පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් විය. හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී අද (08) පැවති තරගයේ පළමු අර්ධයේදී ඉතා ප්රෙව්ගවත් ක්රීඩා විලාශයකට අවතීර්ණ වූ යුද හමුදා ක්රීඩාකයෝ පළමු අර්ධය අවසන් වන විටදී ඉදිරියෙන් සිටියේ ලකුණු 31-03 ක් ලෙසිනි.
දෙවැනි අර්ධයේදී සී.එච්. කණ්ඩායමේ යම් නැගී සිටීමක් පෙන්නුම් කළද සිය ජයග්රහණය වෙනුවෙන් ඔවුන්ගේ උත්සාහය ප්රමාණවත් නොවීය.
ජයග්රාහී යුද හමුදාව ගෝල දිනුම් 4 ක් හා උත්සාහක දිනුම් දෙකක් මගින් සිය ලකුණු රැස් කර ගනිද්දී සී.එච්. ක්රීඩකයෝ උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක ආධාරයෙන් සිය ලකුණු රැස් කළහ.
මෙය මෙවර තරගවාරයේදී සී.එච්. කණ්ඩායම අඛණ්ඩව ලැබූ 9 වැනි පරාජයයි.
ඡායාරූප - ඕෂිත වරකපිටිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
