www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
දෙවැනි අර්ධයේ දැක්වූ සුපිරි දක්ෂතා හේතුවෙන් මෙවර ඩයලොග් අන්තර්සමාජ ලී්ග් රග්බි තරගාවලියේ ආරම්භක තරගයෙන් ගුවන් හමුදාව පරදා ලකුනු 21-09 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ්.එෆ්. සී. කණ්ඩායම සමත් විය. රත්මලාන ගුවන් හමුදා පිටියේදී ඊයේ (05) පැවති තරගයේ ආරම්භයේ පටන් ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර පළමුවෙන් ලකුනු රැස් කිරීම ආරම්භ කළ ගුවන් හමුදාව තරගයේ පළමු අර්ධයේ නිමාව සනිටුහන් වන විට ලකුණු 06-03 ක් ලෙස ඉදිරියෙන් පසුවූහ.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදි සී.ආර්. කණ්ඩායම තවත් ලකුණු 18 ක් සිය ලකුණු මල්ලට එකතු කර ගනිද්දී ගුවන් හමුදා ක්රීඩකයින්ට රැස් කර ගත හැකි වූයේ තවත් ලකුණු 06 ක් පමණී.
මේ අතර එදින පැවති තවත් තරගයකින් යුද හමුදාව පරදා ලකුනු 20-14 ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය.
සී.ආර්.- ගුවන් හමුදා අතර තරගයේ අවස්ථාවක්
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd