ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ අඛණ්ඩ පරාජයෙන් මිදීමට සී.එච්. කණ්ඩායමට ඉඩක් නොතබමින් තරගාවලියේ දෙවැනි අදියරේ දීද සී.එච්. කණ්ඩායමට එරෙහිව ලකුණු 62-03 ක් ලෙසින් ජය වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත් විය. දෙවැනි අදියරේ තෙවැනි සතියේ තරගයක් ලෙසින් ඊයේ (14) පැවති මෙහී පළමු අර්ධයේ පටන් සී.ආර් සිය අණසක පැතිරවීමට සමත් වූ අතර පළමු අර්ධය අවසනදී ලකුනු දැක්වුනේ 24-00 ක් ලෙසිනි. ජයග්රාහී සී.ආර්. ක්රීඩකයෝ ගෝල දිනුම් 6 ක් හා උත්සාහක දිනුම් 4 ක් ආධාරයෙන් සිය ලකුණු රැස් කළ අතර එක් දඩුවම් පහරක් ආධාරයෙන් සී.එච්. ක්රීඩකයෝ තම ලකුණු රැස් කළහ.
ඡායාරූප - ඕෂිත වරකපිටිය