සංචාරක පාකිස්තානු කණ්ඩායම පරාජය කර ඊයේ (03දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවින් න්‍යාය අනුව ලකුණු 05ක තියුණු ජයක් ලැබීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 1 – 1 ක් ලෙස සමකිරීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකිවිය.
හරාරේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 276/6 ක් රැස්කිරීමට සමත්විය. චාමු චිභාබා (90) හා නායක එල්ටන් චිගුම්බුර (67) අර්ධ ශතක රැස්කරමින් ඉනිම ඔසවා තැබූහ. ප්‍රතිවාදි පිතිකරුවන් පාලනය කිරීමට සමත්වූ එකම පන්දු යවන්නා වූ වහබ් රියාස් කඩුලු 04ක් දවාළමින් පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තානු පිතිකරුවන්ට පන්දුවාර 50 අවසානයේ ජයග්‍රහණය සඳහා ලකුණු 277 ක ඉලක්කයක් හිමිවිය. කෙසේ නමුත් පන්දුවාර 48 ක් ක්‍රීඩාකරමින් සිටියදී වර්ෂාව හා අඳුරු ආලෝකය හේතුවෙන් තරගය අත්හිටුවීමට සිදුවිය. ඒ වනවිට පාකිස්තාන කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 256ක් රැස්කරගෙන සිටියේය.
නමුත් ඒ වනවිට ඔවුන් ජයග්‍රහණය සඳහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව රැස්කරගෙන සිටිය යුතු ලකුණු සංඛ්‍යාව 262 ක් වූ බැවින් තරගයේ ජය සිබ්බාබ්වේ කණ්ඩායමට හිමිවිය. ෂොයිබ් මලික් නොදැවී ලකුණු 96ක් රැස්කරමින් පාකිස්තානු කණ්ඩායමට ජයග්‍රහණය රැගෙන ඒම සඳහා ප්‍රබල උත්සාහකයක නිතර විය. තරගයේ වීරයා ලෙස එල්ටන් චිගුම්බුරා සම්මාන දිනාගත්තේය. දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය හෙට (05දා) මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.