සන්රයිසස් බලාපොරොත්තු දල්වාගනියි
- 20 05 2014
- 22:39
- {{hitsCtrl.values.hits}} views
- ඔෂිත වරකපිටිය
සුපිරි කණ්ඩායම් 4 අතරට පිවිසීමට තවදුරටත් බලාපොරොත්තු ඇති කරගනිමින් හයිද්‍රාබාද්හිදී අද (20දා) පැවැති 46 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජය කර කඩුලු හතක ජයක් හිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය.
ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායම තරගයේ 19.4 වැනි පන්දුවේදී එම ඉලක්කය පසුකරයාමට සමත්විය. ශිකර් දවාන් (50) හා ඩේවිඩ් වෝනර් (59) පළමු කඩුල්ලට ලකුණු 100 සාර්ථක ආරම්භයක් ලබාගනිමින් කණ්ඩායම ජයමාවත විවර කළහ. තරගයේ වීරයා ලෙස වෝනර් සම්මාන ලැබීය.
පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 160/6 රැස්කිරීමට සමත්විය. ඉනිමේ සාර්ථකවූ එකම පිතිකරු විරාට් කෝලි පන්දු 41කදී ලකුණු 67 රැස්කිරීමට සමත්විය.
බැංගලෝර් 160/6 (පන්දුවාර 20)
විරාට් කෝලි 67 (පන්දු 41, 4x4, 6x4)
ඒ.බී. ඩිවිලියර්ස් 29 (පන්දු 17, 4x2, 6x1)
යුවරාජ් සිං 21 (පන්දු 25, 4x2, 6x1)
භුවනේෂ්වර් කුමාර් 27/2 (පන්දුවාර 4)
පාර්වෙස් රසෝල් 26/1 (පන්දුවාර 4)
හයිද්‍රාබාද් 161/3 (පන්දුවාර 19.4)
ඩේවිඩ් වෝනර් 59 (පන්දු 46, 4x3, 6x4)
ශිකර් දවාන් 50 (පන්දු 39, 4x7, 6x1)
වරුන් අරොන් 36/2 (පන්දුවාර 4)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

