චැම්පියන්ස් ලීග් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම ඊයේ (09දා) රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව ගියේය.
මෙම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් එක්වූ බැවින් සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායමේ නායක ලෙස ජෙහාන් මුබාරක් කටයුතු කරයි. මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටින තිලකරත්න ඩිල්ශාන් අද (10දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම පළමුවට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩාකළ යුතු අතර, එම තරගාවලියේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙකට පමණක් ප්‍රධාන තරගාවලියට පිවිසීමට අවස්ථාව හිමි වේ. හයවැනි චැම්පියන්ස් ලීග් තරගාවලිය මෙය වන අතර, ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සහභාගී වූ කිසිදු කණ්ඩායමක් ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබා නොමැත.
පසුගිය ජූලි මස පැවැති සුපර් ෆෝ පන්දුවාර විස්සයි20 තරගාවලියේ ශූරතාව හිමිකරගනිමින් සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම මෙම තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය. සදර්න් එක්ප්‍රස් කණ්ඩායම සහභාගීවන පළමු තරගය එළඹෙන 13 වැනිදා නවසීලන්ත නදර්න් දිස්ත්‍රික් කණ්ඩායම සමගින් පැවැත්වෙයි.
සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම
තිලකරත්න ඩිල්ශාන්, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ඇන්ජලෝ පෙරේරා, ජෙහාන් මුබාරක් (නායක), නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), ඩිල්රුවන් පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, ඉශාන් ජයරත්න, ෆර්වීස් මහරූෆ්, කසුන් මධුසංඛ, යශෝධ ලංකා, චරිත් ජයම්පති, සචිත් පතිරණ, සඳකෙන් ලක්ෂාන්
ෂේන් ප්‍රනාන්දු (කණ්ඩායම් කළමනාකරු), නවීඩ් නවාස් (ප්‍රධාන පුහුණුකරු), අනුෂ සමරනායක (පන්දු යැවීමේ පුහුණුකරු), එරික් උපශාන්ත, ආර්.ඒ.කේ. ජනක (භෞත චිකිත්සක), සනත් ජයසුන්දර (විශ්ලේෂක), ලක්ෂමන් ගුණසේකර (සම්බාහක), උපුල් චන්දන (පන්දු රැකීමේ පුහුණුකරු)
ඡායරූප ඉසුරු පෙරේරා