ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ අංක එකේ පසුවූ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර අබිබවා එම ස්ථානයට ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් පැමිණ ඇත. ස්මිත් ජාත්‍යන්තර පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙය වෙයි.
ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (14දා) අවසන් වූ ටෙස්ට් තරගාවලියෙන් පසු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම අනුව මෙම ස්ථාන වෙන්වී ඇත. තරග දෙකකින් සමන්විත වූ එම තරගාවලියේදී ස්මිත් ලකුණු 283 ක් රැස්කිරීමට සමත්වූ අතර, එයට ශතකයක් (199) හා අර්ධ ශතකයක් (54) අන්තර්ගත විය.
පළමු දස දෙනා අතර ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා පිතිකරුවන් ඔහු හා සංගක්කාර පමණක් වන අතර, එම පිතිකරුවන් අතරට එකදු ඉන්දීය පිතිකරුවෙකු හෝ ඇතුළත් නොවී තිබීම විශේෂත්වයකි.
දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන් ටෙස්ට් පන්දු යවන්නන් අතර අංක එකෙහි පසුවන අතර, රංගන හේරත් එහි පස්වැනි ස්ථානයේ පසුවෙයි. පළමු දසදෙනා අතර සිටින එකම ශ්‍රී ලංකා පන්දු යවන්නා ඔහු පමණි. ඊට අමතරව බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පළමු ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මෙම වර්ගීකරණයේ පළමු දසදෙනා අතර නොමැත.
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේයාව පළමු හා දෙවැනි ස්ථානයන්හි පසුවන අතර, නවසීලන්තය හා ඉන්දියාව එහි තෙවැනි හා සිවුවැනි ස්ථානවල පසුවෙයි. කෙසේ නමුත් මීට පෙර ශ්‍රේණිගත කිරීම්හි ඉන්දියාව තෙවැනි ස්ථානයේ පසුවූ අතර, නවසීලන්තය සිවුවැනි ස්ථානයේ පසුවිය. ශ්‍රී ලංකාවේ ස්ථානයේ වෙනසක් සිදුව නොමැති අතර, ඔවුන් 07 වැනි ස්ථානයේ පසුවෙයි.
ටෙස්ට් පිතිකරුවන් දසදෙනා
1. ස්ටීවන් ස්මිත් (ඔස්ට්‍රේලියාව/913), 2. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව /909), 3. ඒ.බී. ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව/908), 4. හෂිම් අම්ලා (දකුණු අප්‍රිකාව/891), 5. ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව/841), 6. යුනිස් ඛාන් (පාකිස්තානය/836), 7. ජෝ රූට් (එංගලන්තය/815), 8. කේන් විලියම්සන් (නවසීලන්තය/813), 9. මිස්බා උල් හක් (පාකිස්තානය/770), 10. ඩේවිඩ් වෝනර් (ඔස්ට්‍රේලියාව/757)