ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අබුඩාබිහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා වනවිට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රි ලංකා කණ්ඩායම පන්දුවාර 61.3 ක් අවසානයේ කඩුලු 04 ක් බිඳවැටී ලකුණු 186 ක් රැස්කරගෙන සිටියේය.
දිනයේ අවසන් කඩුල්ල ලෙස සිය කුළුදුල් අර්ධ ශතකය රැස්කළ කෞෂාල් සිල්වා දවාගැනීමට ජුනයිඩ් ඛාන් සමත්විය. නොදැවී කඩුල්ලේ රැඳී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 24 ක් රැස්කරගෙන සිටියි.
කුමාර් සංගක්කාර කෞෂාල් සිල්වා සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සබඳතාවක් ගොඩනැංවීය.
ශ්රී ලංකාව පළමු ඉනිම 204/10 (පන්දුවාර 65)
ඇන්ජලෝ මැතිව්ස් 91 (පන්දු 127, 4x15)
දිමුත් කරුණාරත්න 38 (පන්දු 6, 4x5)
ජුනයිඩ් ඛාන් 58/5 (පන්දවාර 20)
බිලාවල් බහට්ටි 65/3 (පන්දුවාර 15 )
පාකිස්තානය පළමු ඉනිම 383/10 (පන්දුවාර 129.1)
යුනිස් ඛාන් 136 (පන්දු 198, 6x1, 4x19)
මිස්බා උල් හක් 135 (පන්දු 306, 4x13, 6x1)
ශමින්ද එරංග 80/3 (පන්දුවාර 30)
රංගන හේරත් 93/3 (පන්දුවාර 35.1)
ශ්රී ලංකාව දෙවැනි ඉනිම 186/4 (පන්දුවාර 61.3)
කෞෂාල් සිල්වා 81 (පන්දු 177, 4x11)
කුමාර් සංගක්කාර 55 (පන්දු 99, 4x6)
ජුනයිඩ් ඛාන් 46/2 (පන්දුවාර 13.3)