සංගා - මහේල සමුදෙති
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයන් දෙපළ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ තානාපතිවරුන් දෙදෙනා, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් දෙපළ වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන අද (18දා) එක්දින පිටියට සමුදුන්හ.
ඒ අනුව මින් ඉදිරියට සංගා හා මහේල ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 පිටියේදී ක්‍රීඩාපිටියේදී ශ්‍රී ලංකා හා ලෝක ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ට දැකගැනීමට අවස්ථාවක් හිමිනොවේ.
නමුත් සංගා ටෙස්ට් පිටියේ තවත් තරග කිහිපයක් පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇත. මහේල ටෙස්ට් පිටියෙන්ද සමුගෙන තිබේ.
තරගාවලියට පිටත්වීමට මත්තෙන් සංගා හා මහේල සඳහන් කළේ මෙය තමන්ගේ අවසන් එක්දින තරගාවලිය වෙනු ඇති බවය.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා පිටියෙන් සමුගන්නේ සිය දිවියේ ක්‍රීඩා දිවියේ උපරිම අදියරක සිටිද්දීය. එය සෑම දෙනෙකුටම ආදර්ශයකි.
සංගා හා මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේ ඉහළ තැනකට ගෙන ඒමට දැරූ වෑයමට සමස්ත ක්‍රීඩා ලොලීන්ම ඔවුන් හා ඉදිරියටත් සිටිනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

